පෘථිවිය කක්ෂයේ පිහිටි ග්‍රාහකයක සාම්පල රැගෙන ඒම සඳහා පිටත්ව ගිය ජපානයේ Hayabusa 2 අභ්‍යවකාශ යානය එම සාම්පල රැගන සාර්ථක ලෙස පෘථිවිය වෙත පැමිණ ඇතැයි ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) පවසයි.
පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 300ක් ඈතින් පිහිටි Ryugu නම් ග්‍රාහකයේ සාම්පල රැගෙන ඒම සඳහා ජපානය මෙම මෙහෙයුම දියත් කර තිබුණි. දැනට වසරකට පමණ පෙරාතුව Hayabusa 2 යානය පථිවියෙන් දියත් කෙරුණු අතර, දැනට මාස කිහිපයකට පෙරාතුව එය ග්‍රාහකය මතට ගොඩබැස එහි සාම්පල රැස්කර තිබුණි.
ආපසු පැමිණි යානය පෘථිවියේ සිට කිලෝමීටර් 220,000ක් ඉහළදී එහි තිබූ මෙම සාම්පල සහිත කැප්සූල කොටස අත්හැරීමක් සිදුකර ඇති අතර, ඔස්ට්‍රේලියාව වෙත වැටී ඇත්තේ එම කැස්සූලයයි. ඊයේ දිනයේදී සොයා ගැනුණු මෙම කැප්සූලය ඉතාමත් ආරක්ෂිතව ඔට්‍රේලියානු විද්‍යාගාරයක තැන්පත් කර තැබීමටත්, පසුව ලබන සතියේදී එය ජපානය වෙත රැගෙන යාමටත් සැලසුම් කෙරී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval