ඔක්ෆ්වර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ එන්නත සම්බන්ධයෙන් මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල සතුටට කරුණක් බව
“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත අප ධෛර්යට පත් කරන්නක්. පසුගිය සති කිහිපයේදී අපට මේ වගේ බලාපොරොත්තු ඇති කරන පුවත් කිහිපයක්ම වාර්තා වුණා. දැරිය හැකි මිලකට සහ පහසුවෙන් ගබඩා කළ හැකි අයුරින් මේ එන්නත නිෂ්පාදනය කිරීමට ඔක්ෆ්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම ගත් වෙහෙසට අපි කෘතඥ වෙනවා” යැයි රොයිටර්ස් පුවත් සේවයට නිවේදනයක් නිකුත් කරමින් සෞම්‍යා ස්වාමිනාදන් සඳහන් කළාය.
“මේ පුවත සුබදායක ආරංචියක්. සෑම රටකටම හැමතැනම ඉන්න ජනතාවට මෙය ඉතා වැදගත්” යැයි සෞම්‍යා ස්වාමිනාදන් කීවාය.
සිය ‘කොවිඩ්-19’ එන්නත සියයට 90ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ඇස්ට්‍රා සෙනෙකා සමාගම අද (23) නිවේදනය කළේය.
මෙයත් සමඟම ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පරාජය කිරීමේ ලෝක සටනට තවත් ආයුධයක් එක්වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබිණි.
ඔක්ෆ්වර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම එක්ව නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත ෆයිසර් සහ මොඩර්නා සමාගම්වල එන්නතට වඩා මිලෙන් අඩු බවත්, පහසුවෙන් බෙදාහැරිය හැකි බවත් පහසුවෙන් ගබඩා කළ හැකි බවත් පැවසේ.

Comments
Post a Comment
Your comment will be visible after approval