
මේ දිනවල බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට පනවා ඇති සංචරණ නීතිය නොතකමින් කළුතර මතුගම ප්‍රදේශයේ සිට වළස්මුල්ලේ ඥාති නිවසකට ගමන් කර තිබෙන පුද්ගලයෙකු එම පුදේශවාසීන් විසින් අල්ලා ගැටගසා පොලිසියට භාරදීමේ සිදුවීමක් වාර්තාවී තිබේ.
මේ ගැන මහජන පරීක්ෂක වරුන්ට හා පොලිසියට දැන්වීමෙන් පසුව මෙම පුද්ගලයා ගමන් කළ ස්ථානද සටහන් තබාගෙන පොලිසිය රෝහලට රැගෙන ගිය අතර ඔහුව ගැටගසන්නට දායකවූ අයට නිරෝධායනය වන ලෙස උපදෙස් දී ඇත.
මෙම පුද්ගලයා වළස්මුල්ල මූලික රෝහලට යොමු කරන්නට පොලිසිය කටයුතු කර ඇත්තේ පීසීආර් පරීක්ෂාවක් සිදු කරන්නටය. කෙසේ වෙතත් ඔහු කිසිදු වගකීමකින් තොරව හැසිරෙමින් රෝහලින් පැනයන්නට උත්සාහ කර ඇති බවද පසුව වාර්තාවී තිබේ. ඒ අනුව ඔහුව යළි පොලිසිය අල්ලාගෙන කොරෝනා රෝගීන් සැකසහිත යයි නම් කළ වාට්ටුවට ආරක්ෂා සහිතව ඇතුළත් කර ඇත. ඔහුට පීසීආර් පරීක්ෂණයක් කරන්නට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval