තංගල්ල පලතුඩුව ප්‍රදේශයේ නිවෙසක මුළුතැන්ගෙයි බිත්තිය ඇග මතට කඩා වැටීමෙන් දෙහැවිරිදි දරුවකු 15 දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල පලතුඩුව ප්‍රදේශයේ පදිංචි ආර්.ඩබ්ලිව්.අයි. දෙසඳු සිතිජය නම් අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවකු බව පොලිසිය කියයි.
දරුවා සිය මව, මිත්තණිය සහ මාමා සමග නිවෙසහි සිටියදී 15 දා පෙරවරු අටට පමණ මෙම අනතුරට මුහුණ පා තිබිණි.
තාවකාලිකව ඉදිකර තිබූ මෙම මුළුතැන්ගෙයි බිත්තිය දින කිහිපයක් තිස්සේ ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් කඩා වැටී ඇති බවට පොලිසිය සැක කරයි. මිය ගිය දරුවා එම පවුලේ එකම දරුවා වන අතර ඔහුගේ මව කාලයක සිට අසනීප තත්ත්වයක් හේතුවෙන් ඖෂධ ලබාගන්නා බව ඥාතීහු පැවැසූහ. තංගල්ල හදිසි මරණ පරික්ෂක වර්ණකුලසූරිය පටබැඳිගේ එරංග ශ්‍යාමල් මහතා අනතුර සිදු වූ ස්ථානයට පැමිණ මරණ පරික්ෂණය සිදුකළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval