කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනට යළි පැමිණීමට නොහැකිව විදේශවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 1,247 දෙනකු ගෙවීමේ පදනම මත නිරෝධායනය වීමේ ක්‍රියාවලිය යටතේ අද (I8) සිට ලබන 26 වැනිදා දක්වා මෙරටට ගෙන්වා ගැනෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. ඒ යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉතාලිය, කටාර්,
ඒ අනුව අද (18) දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 290ක් ද, 20 වැනිදා ඉතාලියේ සිට මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ලාංකික සිසුන් ඇතුළු ලාංකික ශ්‍රමිකයන් 100ක් ද, 21 වැනිදා කටාර් රාජ්‍යයේ සිටින ගර්භනී කාන්තාවන් සහ රෝගාබාධ සහිත හා අවදානම් සහිත ලාංකිකයන් 297ක් ද, 23 වැනිදාට කුවේටයේ සිට ලාංකිකයන් 297ක් ද, 26 වැනිදා ඕමානයේ සිට ලාංකිකයන් 290ක් ද ගෙවීමේ පදනම මත නිරෝධායනය වීමේ ක්‍රියාවලිය යටතේ දිවයිනට ගෙන්වා ගැනෙන බව ද හෙතෙම වැඩිදුරටත් කීය.
ඉකුත් ඔක්සතෝබර් මස මිනුවන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව කොරෝනා පොකුරක් අනාවරණය වීමෙන් පසුව, එම වයිරස් ව්‍යාප්තියේ වැඩිවීමක් හේතුවෙන් විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවන නමුත් ගෝලීය වශයෙන් ඇති වී තිබෙන මෙම වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වූ මැදපෙරදිග ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම හා විශේෂ අවශ්‍යතා ඇති ලාංකිකයන් ද ගෙවීම් පදනම මත නිරෝධායනය වීමේ ක්‍රියාවලිය යටතේ යළි දිවයිනට ගෙන්වා ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.
-තිළිණි ද සිල්වා

Comments
Post a Comment
Your comment will be visible after approval