දිවයිනේ දිස්ත්‍රික්ක 12කින් ඉකුත් දින කිහිපය තුළදී කොරෝනා ආසාදිතයන් කිසිවකු වාර්තා නොවූ බව කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මොනරාගල, අනුරාධපුරය, යාපනය, කිලිනොච්චිය,
ඉකුත් 15 වැනිදා පෙරවරු 6න් අවසන් පැය 24 වනවිට මෙම දිස්ත්‍රික්ක 12හි කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාවන් වන්නේ මෙසේය. මොනරාගල දිස්ත්‍රික්කයේ ආසාදිත මුළු ගණන 8ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 14ක්, යාපනය 19ක්, කිලිනොච්චිය 3ක්, මන්නාරම 10ක්, වව්නියාව 14ක්, අම්පාර 22ක්, මාතර 27ක්, ත්‍රිකුණාමලය 11ක්, හම්බන්තොට 20ක්, මුලතිව් 1ක්, නුවරඑළිය 47ක් වශයෙන් වාර්තා වී ඇත. " මේ දිස්ත්‍රික්ක අතුරින් මුලිතිව් දිස්ත්‍රික්කයේ එක් ආසාදිතයකු ද කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ආසාදිතයන් තිදෙනකු ද වශයෙන් වාර්තා වී ඇති අතර දිවයිනේ අඩුම ආසාදිතයන් වාර්තා වන අනෙක් දිස්ත්‍රික්කය වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයයි. එහි ආසාදිත සංඛ්‍යාව 6කි.

Comments
Post a Comment
Your comment will be visible after approval