නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.


රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ  දිවුරුම් දුන්නේය.
එම අමාත්‍යංශයට අයත් බලතල මින් ඉහත දරමින් සිටි චමල් රාජපක්ෂ මහතා  සංශෝධන සිදු කිරීම නිසා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නැවත දිවුරුම් දුන්නේය.
( ඡායාරූප : ජිවන්  චන්දිමාල් - ජනාධිපති මාධ්‍ය අංශය )