පේරාදෙණිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සියලු පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්
කොට දින දාහතරක නිරෝධායන කාල සීමාවකට යටත් කිරීමට පියවර ගත් බව මහනුවර කොට්ඨාශ භාර
ජේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය .
එම පොලිසියේ මීට පෙර රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ට කොවිඩ් වෛරසය ආසාදනය වීම
ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් හතර දෙනාටම කොවිඩ් වෛරසය
ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම පියවර ගෙන තිබේ .
ඒ අනුව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පනස් දෙනකු පි.සි.ආර්. පරීක්ෂණ
සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කෙරෙන අතර පොලිස් ස්ථානය සම්පූර්ණයෙන් විෂබීජහරණය සිදු
කිරීමෙන් අනතුරුව පිටපළාත් පොලිසිවලින් විශේෂ රාජකාරී මත පොලිස් නිලධාරීන් අනුයුක්ත කොට පොලිස්
ස්ථානයේ රාජකාරි මෙහෙයවීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය .
ෂේන් සෙනෙවිරත්න/චමිල් රූපසිංහ

Comments
Post a Comment
Your comment will be visible after approval