කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි,උදය ගම්මන්පිල හා  ප්‍රසන්න රණතුංග යන මහත්ම මහත්මීන් හා දොස්තර එලියන්ත වයිට් පාලම් මතට ගොස් පැන් කළ ගංගාවල් වලට වීසි කරන දර්ශන
ඇතුලත් වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාලා මාධ්‍ය වල සැරිසරයි. ඇමතිනී පවිත්‍රා කළු ගඟට පැන් කළය අතාරිද්දී ඇමති ප්‍රසන්න හා ඇමති උදය පැන් කළ අතාරින්නේ කැලණි ගඟටය. ඒලියන්ත වයිට් අතාරින්නේ මාදු ගඟටය.
මීට අමතරව අනෙකුත් මැතිඇමැතිවරුන්ටද මේ අයුරින්ම පැන් කළ ඒලියන්ත වයිට් වෛද්‍යවරයා ලබාදී ඇති බවත් අදාළ ප්‍රදේශවල ඇති ගංගා ඇල දොළවලට මුදාහරින ලෙස දැනුම් දීමක් කර ඇති බවත් වාර්තා විය.