
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති මහරගම පට්ටලේ සමීර නොහොත් නාවුරුන්න ආචාරිගේ රුක්ෂාන් සමීර මදුෂංක නැමැත්තා ගිනිඅවියක් සහ තවත් ආයුධ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ කණ්ඩායමක් විසින් ඊයේ (27) සිදුකළ වැටලීමකදී සැකකරුව පන්නිපිටිය – කොට්ටාව පරණ පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු ලාල් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රධානතම සාමාජිකයෙකු බවද අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී රුසියාවේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, හඳුනානොගත් 50 සහ 14 ලෙස සඳහන් උණ්ඩ 08ක්, මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 06ක්, මිලිමීටර් 09 වර්ගයේ සරඹ උණ්ඩ 01ක්, අමෙරිකාවේ නිෂ්පාදිත රම්බෝ උල් පිහියක් සහ කඩුවක් තිබී සොයාගෙන තිබේ.
35 හැවිරිදි වියේ පසුවන සැකකරු ඉදිරි විමර්ශන සඳහා පාදුක්ක පොලීසිය වෙත භාරදී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval