කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
கோவிட் - 19 பரவல் தடுப்புக்கான தேசிய செயல்பாட்டு மையம்
NATIONAL OPERATIONS CENTRE FOR PREVENTION OF COVID - 19
සිනෝ ලංකා ටවර්, අංක 1090, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය
නිවේදන අංක 205 :2020
නිකුත් කරන ලද වේලාව : 0600
අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 439 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් දේශියව පුද්ගලයින් 437 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්‍ෂකයෙකු සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි එක් පුද්ගලයෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 305 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 58 ක් වේ.
ඊයේ (19) දින රාත්‍රි 0910 පැයට පමණ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී අයිඩිඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැලිගොඩ ප්‍රදේශයේ පදිංචි මව සහ පුතා රෝහලෙන් පැනගොස් ඇති බවට වාර්තා වේ. මේ පිළිබඳ වැඩිදුර පරික්‍ෂණ කටයුතු පොලිසිය විසින් සිදුකරනු ලබයි.
අද (20) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 15,324 ක් වේ. ඉන් පුද්ගලයින් 9,478 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059
කොළඹ මාළු වෙළඳපලේ පොකුර - 12,265
ඊයේ (19) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 18,838 ක් වන අතර ඉන් පුද්ගලයින් 12,902 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (19) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,867 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
අද (20) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 316 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
අද (20) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් අතරින් දෙදෙනෙකු වයස අවුරුදු 27 සහ 59 කාන්තාවන් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 70 සහ 86 පිරිමි පුද්ගලයින් වේ. ඔවුන් කොළඹ 15, කොළඹ 10, කළුතර පොකුණු විට සහ කළුතර හල්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 73 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද (20) දින උදෑසන වනවිට, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
අද (20) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 02 ක්, UL 607 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 52 ක් සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 12 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
අද (20) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 36 ක් තුළ පුද්ගලයින් 3,812 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.
ඊයේ (19) දිනය තුල PCR පරික්‍ෂණ 10,356 ක් සිදුකර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval