
මහර දලුපිටිය ප්‍රදේශයේ නිරෝධායනයට ලක්කොට සිටි පවුලක අට හැවිරිදි දැරියක පෙරේදා (14) රාත්‍රියේ හදිසියේ මිය ගොස් ඇතැයි මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිහාල් ගමගේ මහතා පැවැසුවේ එම පවුලේ සැමියා (ගෘහ මූලිකයා) කොරෝනා රෝගියකු වීමෙන් දරු පවුලම නිරෝධායනයට ලක්කර තිබූ බවය. කෙසේ වෙතත් දැරියගේ මරණය පිළිබඳව මෙතෙක් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කර නොමැති බව ද ඒ මහතා පැවැසුවේය.
-උපාලි රණවීර-
Comments
Post a Comment
Your comment will be visible after approval