
මේවන විට හුදෙකලා කොට ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය සහ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව සහ රාගම යන ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවා හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස හුදෙකලා භාවයේ පවතින බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ අතර වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් රන්සඳ සෙවණ නිවාස සංකීර්ණය, සාලමුල්ල සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.
කෙසේ වුවත් ලබන බදාදා දිනයේදී දැනට හුදෙකලා කර ඇති සෙසු ප්‍රදේශවල තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදුකොට එම ප්‍රදේශ හුදෙකලා භාවයෙන් මුදා හරිනවාද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවද පැවසීය.


Comments
Post a Comment
Your comment will be visible after approval