
සිය දියණියගේ ස්වාමිපුරුෂයාට හා මිනිපිරියට කොවිඩ් 19 ආසාදනය වූයේ යැයි අධික ලෙස කම්පනයට පත්වූ කාන්තාවක සියදිවි නසාගත් පුවතක් ජාඇලින් වාර්තාවේ.
මියගොස් ඇති කාන්තාවගේ දියණියගේ ස්වාමිපුරුෂයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්, ප්‍රවාහන කරනු ලබන රියැදුරකු ලෙස සේවය කර තිබෙන අතර පසුගියදා එම කම්හලේ අයට සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා රෝගය ධනාත්මකවී ඇත. අනතුරුව
මෙලෙස ස්වයං නිරෝධායනය වෙමින් පවතින අතරවාරයේ අධික ලෙස කලකිරීමෙන් සිටි බව කියන මෙම කාන්තාව දිවිනසාගැනීමට යොමුව ඇත. ඇගේ සිරුර නිවෙසේ කාමරයක් තුළ එල්ලෙමින් තිබියදී සොයා ගත් බව ජාඇල පොලිසිය පවසයි. පෙරේදා (07)දා උදෑසන 9.30ට පමණ ජාඇල පොලිස් වසමේ ඒකල ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදුව තිබිණි.
මියගිය අය එම අවස්ථාවේ තනිව ෙනිවසේ පදිංචිව සිට ඇති බව පොලිසිය කීය. මෙලෙස මියගොස් තිබුණේ ජයකොඩි ආරච්චිගේ මේරි මැටිල්ඩා (72) පල්ලිය වන්න ඒකල පදිංචිකාරියක බව පොලිසිය කීය. ඇගේ දේහය පශ්චාත් මරණ පරික්‍ෂණ කටයුතු හා පී.සී.ආර්. පරීක්‍ෂණවක් සඳහා ජාඇල පොලිසිය විසින් රාගම රෝහලට යොමු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval