අයර්ලන්තයේ හිටපු ජනපතිනි (1990-97) ප්‍රකට නීතිවේදිනී මේරි රොබින්සන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සිදු කළ ප්‍රකාශයක් මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇතිකර තිබෙයි.
ඇමරිකාවේ ජනපති තරගයෙන් පරාජයට පත්වී ඇති බව දැනදැන තවමත් ජයග්‍රහණයක් වෙනුවෙන් සිහින මවමින්
අයර්ලන්තයේ සුවිශේෂ පිළිගැනීමක් ඇති විද්වතෙකු වශයෙන්ද සැලකෙන හාවර්ඩ් නීති සරසවියේ උපාධිධාරිනියක වන ඇය නිරතුරුව සමාජ විවරණ සිදු කරන්නියකි.
'අයිරිෂ් පොස්ට්' පුවත්පත ඇය කළ මෙම ප්‍රකාශය වාර්තා කර තිබුනේ මෙසේය.
අයර්ලන්තයේ හිටපු ජනාධිපතිනි මේරි රොබින්සන් එක්සත් ජනපද මැතිවරණයෙන් පරාජයට පත්වීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය විවේචනය කර තිබේ. ට්‍රම්ප් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම "කෙන්යාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ වැනි රටවල
අස්ථාවර හා ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන්" සමඟ ඇය සැසඳුවාය.
ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී බල සංක්‍රමණයට ගරු නොකිරීම පිළිබඳව තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව රොබින්සන් මහත්මිය පැවසුවාය.
වාර්තාව ඇතුළත් අයිරිෂ් පොස්ට් පුවත මෙතැනින්
https://www.irishpost.com/news/former-ireland-president-mary-robinson

Comments
Post a Comment
Your comment will be visible after approval