
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහායෙන් පොලිසිය සිදු කළ මෙහෙයුම් අනුව හුදෙකලා කළ ප්‍රදේශ වල නීති විරෝධී සංචරණ සිදු කළ 07 දෙනෙකු ඊයේ (13) අත්අඩංගුවට ගත් බව පොලිසිය දන්වා සිටී.
ඒ් අනුව පෙරේදා මේ සම්බන්ධයෙන් ඇල්ලු 15 සමග ඒකතුව 22 ක් වී තිබේ.
මුහුණු ආවරණ රහිතව ගමන් කිරීම නිසා 25 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවත් මීගමුව කටාන සීදූව ප්‍රදේශ වලින් මේ අය අල්ලා ඇත. මේ වනවිට මුහුණු ආවරණ රහිත අය 201 ක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය දන්වා සිටී.
බස්නාහිරපළාතෙන් පිටතට යාමේ තහනම හෙට (15) මධ්‍යම රාත්‍රිය දක්වා බලපැවැත්වෙන බවද පොලිසිය දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval