Cyber Beggars කියන්නෙ ලංකාවෙ සත්‍ය සිදුවීම දාමයක් ඇසුරෙන් නිපදවුණු ටෙලි නාට්‍යයක්. මෙම ජාවාරමට සම්බන්ධ වෙන්නෙ ඔවුන් අපරාධ කිරීමට ඇති කැමැත්ත නිසා නම් නෙවෙයි. එහෙමත් නැත්නම් ආතල් එකටත් නෙවෙයි. මේ සමාජයේ තිබෙන ලොකු ප්‍රශ්නයක් නිසා. මේකෙදි අපිට හම්බෙන මුල්ම චරිතෙ තමා "කූරා". කූරාට O/L A- 8 යි හැබැයි English fail. A/L හරියට කරගන්න වෙන්නෑ මොකද පොරගෙ තාත්තා නැති වෙනවා, ඊට පස්සෙ සල්ලි අග හිගකම් හින්දා A/L ලුත් අවුල් යනවා.
මේ කතාව පටන් ගනිද්දි interview එකේදී board එක කූරාගෙන් අහන ලොකුම දේ තමා ඔයා English fail වෙලා නේද කියන එක. English හින්දා පොර interview එකෙන් කැපෙනවා. මොකද ලංකාවේ මිනිස්සු, කෙනෙක්ගේ දැනුම මනින්නේ English වලින්. O/L fail උනත් කාටහරි English පුළුවන් නම් ලංකාවේ ඌට job එකක් හොයාගන්න එක nothing. 


ඊලගට අපිට හම්බෙන චරිතෙ තමයි "චානා". චානා කියන්නේ කැම්පස් ගිහිල්ලා අරගල කරලා පොලීසියෙන් කඳුළු ගෑස් කාලා, කටු කාලා ඉගෙනගත්ත කොල්ලෙක්. පොරට තියෙන ප්‍රශ්ණේ degree එකක් තිබිලත් උගත්කමට හරියන පඩියක් එක්ක job එකක් නැතිකම.


චානා තමන්ට වුණ අසාධාරණයක් හින්දා තිබුණ job එකත් දමලා ගහල යන dial එකක්. ගහට ගහක් මොරටුවේදි හම්බෙනවා වගේ චානාට කූරව set වෙනවා සිගරට් එකක් ගහද්දි. දෙන්නගෙම බලාපොරොත්තුව තමයි සල්ලි හම්බකරණ එක, එත් දෙන්නටම රස්සාවල් නැහැ. ඉතින් බල්ලො මරලා හරි සල්ලි හම්බකරන scene එකේ ඉන්න Double ට හොර පොලිස් කාරයෙකුත් set වෙනවා. පොරත් සල්ලි නැති හින්දා ජරාවෙන් සල්ලි හම්බ කරන එකෙක්.



මේ චරිත තුනම මේ තත්වයට වැටිලා තියෙන්නේ තමන්ගේ කැමැත්තෙන් නෙවෙයි. ජීවත් වෙන්න සල්ලි ඕන නිසා සහ සමාජයේ සිදුවන අසාධාරනකම් නිසා. උදාහරණයක් විදියට කුරාට A - 8 තියෙනවා. මිනිහව job එකෙන් කැපෙන්නේ English නිසා. O/L වලට A - 8 ගන්නවා කියන්නේ පොර මෝඩයෙක් නෙවෙයි, හොඳ දැනුමක් තියෙන එකෙක්. system එකේ අවුලක් හින්දා තමා පොර කැපෙන්නේ. 


මේ සමාජයේ කැම්පස් ගිහින් job නැති චානාලත් ඕනෑතරම් ඉන්නවා, කූරා වගේ එවුනුත් ඉන්නවා. මේ system එක ඉක්මනටම වෙනස් වුණේ නැත්නම් ඉදිරියටත් චානා ලා කූරා වගේ උන් බිහි වෙනවා. මෙතන තියෙන ලොකුම තවත් පණිවිඩයක් තමයි නූගත් හොරුන්ට වඩා ඉගෙනගත්ත හොරු භයානකයි කියන එක මොකද උන් හොරකම් කරන ඒවා ජීවිතේට හොයන්න බෑ. මේවට උදාහරණත් ඕනතරම් ලංකාවෙම තියෙනවා.


නැවතත් අපි Cyber Beggars නාට්‍යය ගැන කතා කරනවා නම් මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “කසුන් මහේන්ද්‍ර හීනටිගල” කියන තරුණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. තම පළමු නාට්‍යම ඉතාමත් සාර්ථක අයුරින් නියම සමාජ පණිවිඩයක් එක්ක ඔහු රැගෙන එන්න සමත් වෙලා තියෙනවා.


 ඒ වගේම මෙහිදී අපට හමුවෙන ප්‍රධානම චරිත දෙක වෙන චානාට රංගනයෙන් දායක වෙන්නේ කුඹියෝ ටෙලිනාට්‍යයෙන් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ හිත දිනාගත් ප්‍රියන්ත මහඋල්පතගම නොහොත් කලණ ගුණසේකර, කූරාට රංගනයෙන් දායක වෙන්නේ නිනෝ ජයකොඩි. ඊට අමතරව තණමල්විල කොල්ලෙක් නාට්‍යට ධම්මිගේ චරිතය ඔස්සේ රංගනයෙන් දායක වුණ කසුනි ගිම්හානි ප්‍රනාන්දුද මේ නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා.

  තවත් අටුවා ටීකා ටිප්පනි නැතුව කෙටියෙන්ම කියනවා නම් ඔයාලත් මේ නාට්‍යය අනිවාර්යෙන්ම ViU App එකෙන් නරඹන්න. මොකද ඉදිරියේ මේ තත්වයට වැටෙන්නේ ඔබේ පුතා, දුව හෝ නංගි, මල්ලී වෙන්න පුළුවන්. මේ නාට්‍යය හුදෙක්ම නරඹා රසවිදිනවාට වඩා මෙහි ඇති සමාජ යථාර්තය ඔයාලත් දකින්න.    

  Cyber Beggars ගැන පෙර ලිපිය හා විඩියෝ පහත යොමුවෙන්
https://www.gossiplankanews.com/2020/11/Cyber-Beggars.html