අනුරාධපුර, තඹුත්තේගම පහළගම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරින් 35 දෙනකුට හා එහි කාර්ය මණ්ඩලයේ පොලිස් නිලධාරියකු ඇතුළු නිලධාරින් 36 දෙනකුට කොරෝනා රෝගය වැළඳී තිබෙන බව තහවුරු වී තිබේ. පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කිරිමෙන් මෙම පිරිස පෙරේදා (15) මධ්‍යම රාත්‍රියේ ලැබුණු අතර එම පරික්ෂණ වාර්තාවලින් ඒ බව තහවුරු වී ඇතැයි අනුරාධපුර
මීට පෙර දිවයින්නේ නොයෙක් ප්‍රදේශවලින් හමු වූ කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන පහළගම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කටයුතු පොලිස් දෙපාර්තමේන්තූව මගින් පාලනය වේ. මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරින් 90 දෙනකුගේ පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කර තිබූ බවත් ඔවුන් අතරින් 36 දෙනකුට මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරියෙක් පැවසිය.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පොලිස් නිලධාරීන් 36 දෙනා අතර ප්‍රධාන පොලිස් පරික්ෂක, පොලිස්, පොලිස් පරික්ෂක, උප පොලිස් පරික්ෂක, පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල් නිල දරන නිලධාරින් සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙම නිරෝධායන මධ්‍යස්ථානයෙන් මීට පෙර ද කොරෝනා ආසාදිත වූ පොලිස් නිලධාරින් වරින් වර හමුවූ බව එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය.
-අතුල බණ්ඩාර-

Comments
Post a Comment
Your comment will be visible after approval