ගල්කිස්ස ප්‍රදේශයේ සංචාරක පුරවරයේ හෝටලයක සේවකයන් 7 දෙනෙකුට කෝවිඩ් -19 ආසාදිත වීමෙන් අනතුරුව ඔවුන් ඇසුරු කළ එම හෝටලයේ සේවකයන් 52ක් ඉකුත් 12 වැනි දින පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කර ඇති බව
මෙම පරීක්ෂණ කටයුතු සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ජංගම රථය යොදාගෙ එහි වෛද්‍යවරු හෙද කාර්ය මණ්ඩලය හා කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුද ඒකාබද්ධව සිදුකර තිබේ.
ඉන් අනතුරුව එම සේවකයන් 52 දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු එම පිරිස නිරෝධායනය සඳහා බෙන්තොට හෝටල් පරිශ්‍රයේ පිහිටි මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබිණැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටී.
- එච්.එම්.ධර්මපාල -

Comments
Post a Comment
Your comment will be visible after approval