
ඊයේ (31) දිනයේදී වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 239 විසිරගිය ප්‍රදේශ මෙසේය
ආසාදිතයින් ගෙන් 86 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ය.
කොළඹ (1-15) ආසාදිතයින් 51ක්, දෙහිවල 13ක්, ගොතටුව ප්‍රදේශයෙන් 04ක්, හංවැල්ල 11ක් සහ බොරැල්ල ප්‍රදේශයෙන් 07 දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වෙයි.
ආසාදිතයින් 21ක් දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ය.
ආසාදිතයින් 20ක් කළුතර දිස්ත්‍රික්කයෙනි.ගාල්ල දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 28ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු හා වව්නියාව දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
මිට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද ආසාදිතයින් 59 දෙනෙකු ද වාර්තා වී ඇත.
මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 10,510ක් සිදුකර ඇති අතර, මේ වන විට මෙරට තුළ PCR පරීක්ෂණ 512,735ක් සිදුකර ඇත. එමෙන්ම නිරෝධායනය අවසන් කොට අද දිනයේදී පුද්ගලයින් 718 දෙනෙකු නිරෝධායනය අවසන් කොට පිටව යෑමට නියමිත බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval