සෞඛ්‍ය උපදෙස් මත තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අසාධ්‍ය වීමෙන් අනතුරුව හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් මරණයට පත්ව ඇතිබව හලාවත රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කේ. පී. මල්ලවාරච්චි පවසයි.
මරණයට පත්ව ඇත්තේ බිංගිරියල පානවැව පදිංචි සූරියබංඩාරලාගේ සුදාරිස් නැමති 71 හැවිරිදි තිදරු පියෙකි.
මෙම පුද්ගලයා උණ සහ ශ්වසන අපහසුතාවයන් හේතුවෙන්
ඒ අනුව මෙම රෝගියා මේ මාසයේ 01දා සිට තම නිවසේ ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබිණි. මෙම පුද්ලයා තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී නැවත අසාධ්‍ය වීම හේතුවෙන් හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එදිනම මරණයට පත්ව ඇත.
පී සී ආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල් කොටස් පරීක්ෂාවට යවා ඇති බවත් එහි ප්‍රතිඵල මේ වනවිටත් නොලැබී ඇතිබවත් සිදුකළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.
(ලලිත් නවරත්න)

Comments
Post a Comment
Your comment will be visible after approval