කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (16) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළදී සොයාගත් කොරෝනා වයිරස ආසාදිත රෝගීන් 541 දෙනා අතුරින් කොරෝනා රෝගීන් 485 දෙනකුම වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සීමාවෙන් බව කොවිඩ් 19 පැතිරිම
10දෙනකුද, මාලිගාවත්ත ප්‍රදේශයෙන් 07දෙනකුද, කිඹුලාඇළ ප්‍රදේශයෙන් 6දෙනකුද, නාරාහේන්පිට ප්‍රදේශයෙන් 05දෙනකුද, ජම්පටා වීදිය ප්‍රදේශයෙන් 04දෙනකුද, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් 03දෙනකුද වාර්තා වී ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි. බොරලැස්ගමුව, පිටිපන, කිරිවත්තුඩුව, කොළොන්නාව, වැල්ලම්පිටිය, මෝදර යන ප්‍රදේශවලින් ආසාදිතයන් දෙදෙනකු බැගින් සහ කොටිකාවත්ත, ඔරුගොඩවත්ත, රාජගිරිය, පිලියන්ද සහ ගල්කිස්ස යන ප්‍රදේශවලින් එක් ආසාදිතයකු බැගින් ඊයේ (06) පෙරවරුව වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
-නිමත්ති රණසිංහ-

Comments
Post a Comment
Your comment will be visible after approval