කොරෝනා වයිරසය ආසාදිත ආශ්‍රිතයන් 63,663ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඉකුත් 30 වැනිදා සිට මේ වනතෙක් මෙම පිරිස නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 35ක් තුළ 1,082 දෙනකු නිරෝධායනය වෙමින් සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් පෙරේදා (3) වනවිට 63,122 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටත්ව ගොස් ඇතැයි ද එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පී.සී.ආර්. පරික්ෂණ 536,337ක් සිදුකර ඇති අතර ඉකුත් දෙවැනිදා පමණක් පී.සී.ආර්. පරික්ෂණ 11,889ක් සිදුකළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
(නිමන්ති රණසිංහ)

Comments
Post a Comment
Your comment will be visible after approval