කොළඹ විශ්වවිද්‍යාලයේ විවිධ පීඨයන්ට අයත් ශිෂ්‍යාවන් 550කට වැඩි පිරිසකට සහ විශේෂ අවශ්‍යතා සහිත කාන්තා ශිෂ්‍ය විද්‍යාර්ථයින් වෙනුවෙන් නේවාසික පහසුකම් සැපයීමට එම විශ්වවිද්‍යාලය විසින් ඉතා දීර්ඝ කාලයක් පුරා භාවිත කරමින් සිටින 
කොළඹ 02, මුත්තයියා පාරේ පිහිටි නේවාසිකාගාර ගොඩනැගිලි සහිත අක්කර 2.5ක ඉඩම අසාධාරණ සහ අත්තනෝමතික ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත්කරගැනීමට උත්සාහ දරන බවට සහ බෞද්ධාලෝක මාවතට යාබදව පිහිටි ග්‍රහලෝකාගාරය ආසන්නයෙන් පිහිටි විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයේ කොටසක්ද බලහත්කාරී ලෙස අත්පත්කරගැනීමට කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය මගින් උත්සාහයක් ක්‍රියාත්මක වන බවට විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනය චෝදනා කරයි.
ඔවුන් නිකුත් කර තිබෙන නිවේදනයක් පහතින්