සිරස මාධ්‍ය ජාලයේ නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති අංශයේ සේවය කරමින් සිටි 29 හැවිරිදි දමිළ මාධ්‍යවේදිනියක හදිසියේ මියගොස් තිබේ. කොළඹ පිහිටි ඇගේ නිවසේදී ඇය අද උදෑසන හදිසියේ මියගිය බව පැවසෙන අතර මරණය ගැන පරීක්ෂණයක් පැවැත්වේ.
චන්ද්‍රමතී කුලන්දයිවේල් නමැති ඇය
මහනුවර ප්‍රදේශයේ පදිංචි කාරියක වන ඇය ඉන්දියාවේ නාමක්කල් එස්.එස්.එම්. විශ්වවිද්‍යාලයෙන් උපාධිය නිම කර තිනක්කුරල් පුවත්පතේ සේවයට එක්වීමෙන් මාධ්‍ය ජීවිතය අරඹා තිබෙන අතර 2016 වසරේ සිට නිව් ෆස්ට් පවුලේ සාමාජිකාවක බවට පත්ව ඇත.
ඇයගේ මරණය ගැන වැඩි විස්තර තවම වාර්තා නොවේ.


Comments
Post a Comment
Your comment will be visible after approval