ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප
දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, මහ බැංකුවේ ආපන ශාලාවේ සේවකයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි
තහවුරු වීම හේතුවෙන් අදාළ නිලධාරීන් නිරෝධායනයට යොමු කළ බවය.
අදාළ සේවකයාට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ඊයේ දිනයේදීය.
ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෙසේ වෙතත්, මහ බැංකුවේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ද එහි ප්‍රකාශකයා සඳහන් කළේය.
(ගගනි වීරකෝන්, තාරක සම්මාන් සහ කුමුදු ජයවර්ධන )

Comments
Post a Comment
Your comment will be visible after approval