පානදුර පමුණුගම ප්‍රදේශයේ බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබී පුද්ගල මළසිරුරක් 15 දින රාත්‍රී හමුවී ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
මෙසේ හමුවී ඇති සිරුර බණ්ඩාරගම වේල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මහයාලගේ දීප්තිරත්න නමැති 54 හැවිරිදි අයකුගේ බවට හඳුනාගෙන ඇතැයි පැවසේ.
මියගොස් ඇති තැනැත්තා පෙදරේරු වෘත්තියේ නියැලී සිටි අයකු බවට හඳුනාගෙන ඇති බවත් පාවෙමින් තිබූ සිරුර ප්‍රදේශවාසියකු දැක පොලිසිය දැනුවත් කර ඇති බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ගොස් පරික්ෂා කිරීමෙන් අනතුරුව එදින රාත්‍රී පානදුර අපරාධ ස්ථාන නිලධාරින්ද පරීක්ෂණ සිදුකිරීමෙන් පසු පෞද්ගලික මල් ශාලාවක රථයකින් මෘත දේහය පානදුර මූලික රෝහල වෙත රැගෙන එන ලදී.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ සහ පොලිස් අධිකාරි උදය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද පින්තු මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ නිලධාරීහු පරික්ෂණ පවත්වති.
(සුමිත් ප්‍රේමතිලක)

Comments
Post a Comment
Your comment will be visible after approval