බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පළා යෑමට තැත් කිරීමේදී මිය ගිය රැඳවියාට සහ පළා යෑමේදී පොලිසිය අත්අඩංගුවට ගත් රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙයි.




පෙරේදා රාත්‍රී බෝගම්බර පැරණි බන්ධනාගාරයේ ඇතිවූ මෙම සිදුවීමේදී
නිරෝධායනයට ලක්කර සිටි රැඳවියන් පස් දෙනෙකු බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කර තිබු අතර
ඉන් තිදෙනෙකු අල්ලාගත් නමුත් සෙසු දෙදෙනාගෙන් එක් අයෙක් පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියෙකුගේ වෙඩි පහරට ලක්ව මිය ගියා. අනෙක් තැනැත්තා පළා ගියද මහනුවරදී
 ඊයේ දහවල්ම අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකි විය. ඔහු  දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමු කර තිබෙන අතර අද ලැබුණු පීසීආර් වාර්තා අනුව මේ දෙන්නාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබේ. පළාගිය තැනැත්තා මහනුවර නගරයේ සැරිසැරූ ස්තාන ගැනද ඒ අනුව යළි පඑරීක්ෂණයක් ආරම්භ කර අවශ්‍ය අය නිරෝදායනයට ලක්කරන්නට බලධාරීන්ට සිදුව තිබේ.