සිද්ධියෙන් තුවාල ලැබූ තවත් රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල් ගත කොට තිබෙන අතර සෙසූ රැඳවියන් දෙදෙනා බන්ධනාගාර නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ මෙලෙස පළා යාමට ගොස් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 500ක් ලඟ තබා ගැනීම සහ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙකු බවයි.
නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කොට තිබෙන පැරණි බෝගම්බර් බන්ධනාගාරයේ වාට්ටුවක නිරෝධායනයට ලක් කොට සිටි රැඳවියන් 05 දෙනෙකු බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලයට නැග මෙලෙස පළා යාමට තැත් කොට තිබෙයි.
මෙම බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් 410 කට ආසන්න පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කොට තිබෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval