ගම්පහ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට සිදු කරන ලද මූලික පීසීආර් පරීක්ෂණයකදී ඔහු කොරෝනා ධනාත්මක බව තහවුරු වී තිබේ.

පෑළියගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයෙක් හා සමීප ඇසුරක් පැවති නිසා ඔහුට ආසාදනය ඇති වන්නට ඇත්තේ එම මිතුරා හරහා බවට මේ වනවිට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ සැක පළ කර තිබේ. ඔහුගෙන් වැඩිදුර කරුණු විමසීමේදී ආසන්න දිනවල ඔහු හා සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයින් විශාල පිරිසක් සිටින බව හඳුනාගන්නට ලැබී ඇති අතර මේ හේතුවෙන් ඔවුන් සියල්ල වෙත පණිවිඩය ලබාදී නිරෝදායනය පිණිස උපදෙස් ලබාදෙන්නට සිදුව ඇති බව සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරන ලදි.
ඔහු සම්බන්ධිත මුල් පෙළ ආශ්‍රිතයන් 75 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබේ.
නාගරික මන්ත්‍රීවරයා අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් පන්දහසේ දීමනාව බෙදා දීමේ ක්ෂේත්‍ර කටයුතුවලද පසුගිය දින
කිහිපය තුළ යෙදී ඇති බැවින් එම දීමනාව ලද්දන්ටද නිරෝධායනය පිණිස උපදෙස් ලබාදී ඇත.