ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුළදී පීඩන අවපාතයක් බවට පත්වීම නිසා එම සුළි කුණාටුව හෙට (24 වැනිදා) මෙරටට බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව
අවපාතය නිසා නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වලට අද (23 වැනිදා) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වඩා තද වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව යන පළාත්වලටත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවෙයි.
නැගෙනහිර උතුරු සහ උතුර මැද පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 පමණ දක්වා වන ඉතා තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සාලිය කුමාර ගුණසේකර

Comments
Post a Comment
Your comment will be visible after approval