ආරක්ෂක අංශ සාමාජිකයන් 799 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදිතව ඊයේ (17) වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඉන් වැඩි පිරිසක් පොලිසියෙන් වාර්තා වන අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 150ක් සහ පොලිස් නිලධාරින් 570ක් ඒ අතර සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 46 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලදාරින් 33 දෙනෙකුද මේ පිරිස අතර සිටින බව වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.
(නිමන්ති රණසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval