42 වන කොවිඩ් මරණය වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය වීමෙන් ඇතිවූ හෘදයාබාධයක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර ඇත.