
නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළ වෙත ගසා ගෙන ආ පයිලට් තල්මසුන් සහ බොට්ල්නෝස් ඩොල්ෆින් සත්වයින් අතරින් 100දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් සඳහන් කර සිටියි. නවසීලන්තයේ නැගෙනහිර වෙරළේ සිට කිලෝමීටර් 800ක් පමණ දුරකින් මෙම දූපත පිහිටා තිබේ.
මිය ගිය මෙම සතුන් අතරින් බොහෝදෙනා පසුගිය සති අන්තයේ සිටම මෙම වෙරළ ආශ්‍රිතව අතරමංව සිටි බව පැවසෙයි. ඔවුන් බේරාගැනීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් එය සාර්ථක නොවූ බව බලධාරින් සඳහන් කරයි.
මෙහිදී මිය ගිය පිරිස අතර පයිලට් තල්මසුන් 97ක් සහ බොට්ල්නෝස් ඩොල්ෆින් සතුන් තිදෙනෙකු සිටින බව පවසා සිටියි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නවසීලන්ත සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු, "මේ ස්ථානයේ සිරවුණු තල්මසුන් අතරින් 26දෙනෙකු විතරයි ඊයේ දිනය වනවිට ජීවත්ව සිටියේ. ඔවුන් අතරින්ද බොහෝ පිරිසක් දැන් ඉන්නේ දුර්වල තත්ත්වයේ. දරුණු රළ පහර වගේම ඒ ආසන්න මුහුදේ වෙසෙන සුදු මෝරුන් - නිසා මෙලෙස මේ තල්මසුන් සහ ඩොල්පින් සතුන් වෙරළට ගසා ගෙන ආවා කියලයි හිතන්නේ.” යනුවෙන් පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval