ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 32 වන මහලේ පිහිටි ඇක්විටි නොලේජ් පාර්ට්නර්ස් ලංකා (පුද්) සමාගමේ සේවකයෙක් හට කොවිඩ් -19 අසාදනය වී ඇති බව අද (20) තහවුරු වී තිබේ.

එම සේවකයා අවසන් වරට ඔක්තෝබර් මස 08 වන දින එම
ගොඩනැගිල්ලට පැමිණ  ඇති අතර මේ වන විට ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32වන මහලේ පිහිටි මෙම ආයතනය තාවකාලිකව වසා දමා තිබෙයි.

එම ආසාදිතයා සමග සමීපව කටයුතු කළ අනෙකුත් සේවකයින්ව ද මේ වන විට දැනුවත් කර ඇති අතර ඔහු කොළඹ වෝඩ් පෙදෙසේ පදිංචිකරුවකු වන බවට ද තොරතුරු වාර්තාවී ිතබේ.


අදාල ලිපිය පහළින්