කොළඹ වෝඩ් පෙදෙසේ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිත වීම හේතුවෙන් පෙරේදා (18) දංකොටුව රෝහලට ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි. එම පුද්ගලයා පදිංචි නිවසේ මව ඇතුළු පිරිස නිවස තුළම ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව ද
කොළඹ නැව් තටාකාංගනයේ සේවකයන් කිහිපදෙනකුට කොරෝනා ආසාදිත වී ඇති බැවින් ආසාදිත සේවකයන් විසින් ස්පර්ශ කරන ලද ලියකියවිලි මගින් මෙම පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදිත වන්නට ඇති බවට සෞඛ්‍ය අංශ සැක කරයි. මොහු සේවය කළ ආයතනයේ සේවකයන් 20 දෙනකුට අධික පිරිසක් පී.සී.ආර්. පරික්ෂණයට ලක් කර ඇති බව ද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
-ඉන්දිකා රාමනායක-

Comments
Post a Comment
Your comment will be visible after approval