ඇමරිකානු ජනපති ට්‍රම්ප් පසුගියදා කොරෝනා රෝගයට ධනාත්මකවීමෙන් පසු දින 3 ක් තුළ සම්පූර්ණ සුවය ලදැයි ඔහු විසින්ම ප්‍රකාශයට පත්කිරීම අන්අයගේ සැකයට හේතුවී තිබේ. ලබන මස මුලදී ජනපතිවරණයට දින නියමව තිබියදී මේ දිනවල ජනපතිවරණ උණුසුම නිසා ඔහු සමග සමීපව වැඩ කරන අයට මේ ගැන ප්‍රශ්න පැනනැගී තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා සෙනසුරාදා රාත්‍රියේ නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ, ඔහු තවදුරටත් “අන් අයට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ලෙස නොසැලකෙන” බවයි. ඒ සම්බන්ධ තමා සහතික වන බවද

ධවල මන්දිර වෛද්‍යවරයා වන වෛද්‍ය ෂෝන් පී. කොන්ලිගේ පැවසුවේය.

 ට්‍රම්ප් මහතාගේ අවසරය ඇතිව මෙම තොරතුරු නිකුත් කරන බවද ඔහු කීය. ට්‍රම්ප් මහතා කොරොන වයිරසයේ රෝග ලක්ෂණ සමඟ කළ සටන තුළදී  වෛද්‍ය කොන්ලි විසින් කරන ලද්දේ සීමිත හෙළිකිරීම් කිහිපයක් පමණි.


නිලධාරීන්  ට්‍රම්ප්ගේ රෝග විනිශ්චය ඔක්තෝබර් 2 වන දින ප්‍රසිද්ධියට පත් කළ පසු නැවත 8 බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාගේ තත්වය පිළිබඳ යාවත්කාලීන කිරීමක් නිකුත් කළේය.

ට්‍රම්ප් මහතාගේ අසනීපයේ සැබෑ බරපතලකම පිළිබඳව විශේෂඥයන් නැවත නැවතත් ප්‍රශ්න කර තිබේ. රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුව, කොරොන වයිරසය නිසා ඇති වන රෝග පීඩාව නිසා පුද්ගලයින්ට දින 20 ක් දක්වා හුදකලා වීමට අවශ්‍ය විය හැකිය. 

කෙතරම් පුරසාරම් කීවත් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය පිරිහීමට ලක්විය හැකි බව සෞඛ්‍ය අංශ සැක පළ කර තිබේ.

දකුණු කැරොලිනාහි වෙසෙන බෝවන රෝග වෛද්‍යවරයකු වන වෛද්‍ය කෘතිකා කුප්පල්ලි පැවසුවේ “ඔහු නිශ්චිතවම රෝගයෙන් බැහැරව සිටින බව මම නොසිතමි. ට්‍රම්ප් මහතාගේ වයස අවුරුදු 74 වීම නිසා කොවිඩ් -19 හි දරුණු අවස්ථා සඳහා වැඩි අවදානමක් ඇත. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතැම් කොටස් මර්දනය කරන ඔහුගේ මෑත කාලීන ස්ටෙරොයිඩ් ක්‍රියාමාර්ගය නිසා ඔහු වෙනත් ආසාදනවලට ගොදුරු විය හැකි බව මගේ අනුමානයයි. ඔහු සමග ගැටෙන අය තවත් පරිස්සම් වන්න. ”

-(සූසර් ජයනන්ද)