ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂාවීමට, රජය ලබා දුන් එන්නතක් විෂ වීමෙන් දකුණු කොරියානුවෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එන්නත ලබා දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වීමෙනි. කොරෝනා වසංගතය හමුවේ ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෙනත් වයිරස පැතිරිමේ අවදානමක් පවතින බැවින්, දකුණු කොරියානුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ කර ඇත්තේ පසුගිය සැප්තැම්බරයේ සිටය. මේ වනවිට දකුණු කොරියානුවන් මිලියන 13 කට එන්නත ලබා දී ඇතැයි ද පැවැසෙයි.
එන්නත් ලබා ගත් 13 දෙනකු ජීවිතක්ෂයට පත් වීමත් සමඟ දකුණු කොරියා රජය විදේශවලින් මිලදී, නොමිලේ දකුණු කොරියානුවන්ට බෙදා දීමට සැරැසෙන කොරෝනා මර්දන එන්නත සම්බන්ධයෙන් ද දකුණු කොරියානුවන් අතරේ බියක් හටගෙන ඇතැයි පැවැසෙයි.
කෙසේ නමුත් සිදුවුණු මරණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එන්නත් විෂවීමෙන් මරණ සිදුවුණාදැයි යන්න සනාථ කළ හැකි පැහැදිලි සාක්ෂි කිසිවක් තවමත් හමු වී නොමැති බවත් දකුණු කොරියානු සෞබ්‍ය ඇමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුර්වේදී පැහැදිලි කළේය. මියගොස් ඇති වැඩි දෙනා අවුරුදු 30 ත් 80 ත් අතර වැඩිහිටියන්ය. ඊට අමතරව අවුරුදු 17 ත් 18 ත් වයස්වල තරුණයකු සහ තරුණියක ද මියගිය 13 දෙනා අතර සිටින බව පැවැසෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval