කහතුඩුව බාබර් සාප්පුවක හිමිකරුවකුට කොවිඩ් – 19 ආසාදනයවීම හේතුවෙන් එම ස්ථානයට අද (29) මුද්‍රා තබා කොණ්ඩා කැපීමට පැමිණි 125 දෙනෙකුට අධික පිරිසක් ගෘහස්ථ නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත් බව කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගෙන කහතුඩුව ප්‍රදේශයේ මාළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන කොරෝනා ආසාදිත පුද්ගලයකු කොන්ඩය කැපීමට මෙම ස්ථානයට පැමිණීම හේතුවෙන් එහි කරණවෑමියාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියි.
එම මාළු ව්‍යාපාරිකයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය ඉකුත් 23 වෙනිදා පැවැති අතර ඒ සඳහා 21 සහ 22 යන දිනවලදී ඔහු එහි පැමිණ ඇතැයි පැවසේ. ඒ අනුව ඉකුත් 26දා මාළු ව්‍යාපාරිකයා ආසාදනය වීමෙන් පසුව මෙම බාබර් සාප්පුවේ හිමිකරු ද 27 දා PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර එහි වාර්තාවට අනුව ඔහුට මෙසේ වෛරසරය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
එම 28 හැවිරිදි ආසාදිත කරණවෑමියා පදිංචි හොරණ ප්‍රදේශයේ නිවස ඇතුළු ස්ථාන 04ක් නිරෝධායනයට ලක් කරන ලෙසට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියයි.

Comments
Post a Comment
Your comment will be visible after approval