
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා රෝහල් ගත වී සිටින බිළිදෙකුගේ පියා කෝවිඩ් ආසාදියකු බවට තහවුරු වුවද, අයි.ඩී.එච්. රෝහල මගින් සිදුකළ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයේදී එම පුද්ගලයා කෝවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වී ඇති බව ගොතටුව පරිපාලන මහජන පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා පැවසුවේය.
දරුවාගේ පියා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති අතර පුද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණය සිදු කිරීමේ ඔහු කෝවිඩ් 19 වයිරසය ආසාදිතයකු වශයෙන් තහවුරු වී තිබුණි.
අයි.ඩී.එච්. රෝහල මෙම පුද්ගලයා සම්බන්ධයෙන්
මෙම පුද්ගලයාට තවත් දින කිහිපයකින් තෙවැනි පී.සී.ආර්. පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර එම පරීක්ෂණයේදීත් ඔහු කෝවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් රෝහලින් මුදා හැරීමට සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval