පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ මහකන්ද සහ කුඩල්විල ප්‍රදේශවල මත්ස්‍ය වෙළඳාමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකුටද කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ඊයේ (28දා) පාදුක්ක පොලිස් ස්ථානය පැවසීය.
මොවුන්
මේ වනවිට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගේ පවුල්වල පිරිස් සහ ආශ්‍රිත පවුල්වල 20දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට යොමු කර ඇති බවත් පොලීසිය පවසයි. පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් නිශ්ශංක මහතාගේ උපදෙස් පරිදි පරිසර හා ප්‍රජා අංශයේ නිලධාරිහුද ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද නිරෝධායනය වන පිරිස් සම්බන්ධයෙන් කටයුතු කරන බව පාදුක්ක පොලිස් ස්ථානයේ ප්‍රජා හා පරිසර අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපාලි ජයනාත් මහතා පැවසීය.
- ඩී.එන්. රෙක්සි -
Comments
Post a Comment
Your comment will be visible after approval