
මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ නම උච්චාරණය කිරීමේ වෙනස්කම් රැසක් දේශීය මාධ්‍ය තුළින් හඳුනාගන්නට ලැබේ. මෙහිදී ප්‍රධාන වශයෙන් ඔහුගේ නම පොම්පියෝ පොම්පේයෝ සහ පොම්පායෝ ලෙස වහරනු අසන්නට ලැබෙන අතර නිවැරදි නම වන්නේ මයික් පොම්පේයෝ යන්නයි.
1963 දෙසැම්බර් 30 දා කැලිෆොනියාවේ උපන් මයිකල් රිචඩ් පොම්පේයෝ ගේ පියා ඉතාලි පෙළපතට අයත් ය. මේ නිසා ඔහුගේ නම ඉතාලි ආරක් ගෙන තිබේ.
ඇමරිකානු දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ව්‍යාපාරිකයෙක් මෙන්ම නීතිඥ වරයෙකි.
පොම්පේයෝ ලංකාවට පැමිණියේ ඔහුගේ දෙවැනි බිරිය වූ සුසාන් මොස්ට්‍රස් සමගිනි. ඔවුන්ට එක් පුතෙකු සිටී.
පොම්පේයෝ එවැන්ජලිකල් ප්‍රෙස්බිටේරියන් පල්ලිය හා සම්බන්ධ අයෙකි. 2007 සිට 2009 දක්වා ප්‍රාදේශීය පල්ලියේ උපස්ථායකයෙකු ලෙසද සේවය කළ බවත් පල්ලියේ ඉරිදා පාසලක ඉගැන්වූ බවත් පුද්ගලික වාර්තා ලිපිගොනු වල දැක්වේ. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොච්චිකඩේ පල්ලියට සිදුවූ පාස්කු ප්‍රහාර හානිය බලන්නට යාමටද නියමිතය.
මේ සමග වීඩියෝවකින් පළවන්නේ ඔහුගේ නම එරට මාධ්‍ය මගින් නිවැරදි ලෙස උච්චාරණය කරන විදිහයි.