දිවුලපිටිය ඇඟලුම් කම්හලේ සේවය කරන පන්නල වැටකෙයාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට කොරෝනා
වයිරසය ආසාදනය වී ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය තහවුරු කර තිබේ.
මාතලේ ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇත.

මාතලේ මහවෙල පදිංචි පනස් හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ
කළමනාකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකි.


මහඔය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත ආසාදිතයෙකු හමු වී තිබේ.
මහවැව සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ
ආශ්‍රිතයකු මෙසේ ව ආසාදනය වී ඇතැයි හඳුනාගත් බවයි.

පන්නලින් වයිරසය ආසාදනය වී ඇති අය මේ වනවිට මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ බිරිඳ ඇතුළු
පවුලේ සිව්දෙනෙකු නිවස තුළම ස්වයං නිරෝධානය කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීනී වෛද්‍ය
සමා හේරත් මහත්මිය පැවසුවාය.                                               
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයට අයත් ඉහළ මාකඳුර, පහළ මාකඳුර, මැල්ලවලාන ,
පල්ලේගම , බෝපටිය, නාරංගොමුව , වැටකෙයාව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 10 දෙනෙකුගේ පී
සී ආර් පරීක්ෂණ සිදුකර තිබේ.
 මහඔයදී හමුවූ ආසාදිතයා පසුගිය 04 වැනිදා නිවාඩු ලබා නිවසට පැමිණි අයෙකි. මහඔය ඉද්දපොල ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙසේ ආසාදිත යැයි තහවුරු කර දී ඇත.
රෝග ලක්ෂණ මතු වීම පසු රෝහල් ගත කර ඇයට සිදු කළ පරීක්ෂණවලදී වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු
වී ඇත.