
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පවසනවා.
මිට පෙර එම ඇගළුම් කම්හලේ සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවීම සමග එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සියලුම සේවකයින් PCR පරීක්ෂණ වලට ලක් කිරීමට
එම ප්‍රතිඵල වලට අනුව මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් 02 දෙනෙකුට සහ සේවකයින් 09 දෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙසේ කොරෝනා රෝගය ආසාදනය වූ සේවක පිරිස වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට මේ වනවිට කටුනායක සෞඛ්‍ය බලධාරීන් පියවර ගනිමින් සිටියි.
කටුනායක ටී.කේ.ජී.කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval