කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි
සේවිකාවකට ද නව කොරෝනා වසංගත රෝගී තත්වය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය පවසා තිබේ.
හලාවත ප්‍රදේශයේ පදිංචි මෙම 50 හැවිරිදි සේවිකාව
මෙම රෝගී තත්වයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වීමත් සමග ඇය මීගමුව මහ රෝහල වෙත ඊයේ (06) දින සවස ඇතුළත් කර පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර නැවත අද උදෑසන දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයකටද ලක් කර තිබේ. එම පරීක්ෂණ දෙකින්ම ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.කොළඹ අයි.ඩී.එච්.රෝහල වෙත දැන් යොමු කර ඇති මෙම සේවිකාව බ්‍රැන්ඩික්ස් ආයතනය හා කිසිදු සම්බන්ධයක් නැති බවද වාර්තාවේ.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
Comments
Post a Comment
Your comment will be visible after approval