
නේවාසිකව සිට ප්‍රතිකාර ලැබූ රෝගියකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමත් සමග මීගමුවේ පිහිටි ආවේමරියා පෞද්ගලික රෝහල වසා දමා තිබේ.
මීගමුව පන්සල් හන්දිය පාරේ පදිංචි පුද්ගලයකු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත. ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවෙස් තුළම නිරෝධායනය කොට තිබේ.
පසුගිය ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනි දින උදෑසන දක්වා ආවේමරියා පෞද්ගලික රෝහලට ආගිය අයෙක් නම් මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරී කොවිඩ්-19 මෙහෙයුම් මධ්‍යස්ථානය අමතා තොරතුරු ලබාදෙන ලෙස බලධාරීන් ඉල්ලීම් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval