
ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ, පොලිසිය, යුද හමුදාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනයන්හි කටයුතු සම්බන්ධීකරණය කිරීමේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ගම්පහ කච්චේරී පරිශ්‍රයේ ස්ථාපිත කොට ඇත.
මෙමගින් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වන රෝගීන් රෝහල්ගත කිරීමේ කටයුතු සහ රෝගින්ගේ ආශ්‍රිතයන් බවට හඳුනා ගැනෙන පිරිස් නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ සම්බන්ධිකරණ කටයුතු සිදු කෙරේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මකය. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්‍ෂණය මත දැනට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පිරිස් වෙත ආහාර පාන ඇතුළු අවශ්‍යතා සපුරාලීම මෙන්ම ළමා නිවාස, වැඩිහිටි නිවාස, පිරිවෙන් ඇතුළු සහන සැලැසීමට අවශ්‍ය ස්ථානයන්ට
මෙහිදී රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා විසින් මුව ආවරණ 5,000ක් ලබාදීම ද සිදු විය. මෙම අවස්ථාවට ගම්පහ අතිරේක දිසාපති සුගත් කිත්සිරි, දිස්ත්‍රික් ගණකාධිකාරි වී.ඩී.එස්. රොඩ්රිගෝ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තත්ත්ව කළමනාකරණ හා රෝගී සුරක්ෂිතතා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා, දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ ක්‍රිෂාන්ත සමරවීර, විශේෂ මෙහෙයුම් මැදිරියේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
- තිලකරත්න දිසානායක -
Comments
Post a Comment
Your comment will be visible after approval