කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.
ඒ වෙනුවට කොම්පඤ්ඤවිදිය
නිලධාරින් (48) සියලු දෙනාම මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති අතර පොලිස් ස්ථානයට අනියුක්තව සිටි සෙසු නිලධාරින් පොලිස් බැරැක්ක තුලදීම ස්වයං නිරෝධායනයට ලක් කොට ඇත. මේ නිසා
අද කොටුව පොලිස් ස්ථානය සෞඛ්‍ය උපදෙස් අනුව සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරීමෙන් පසුව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් යොදවා එම පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු යළි ඇරඹීමට බලාපොරොත්තුවන බවද දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval