
මධ්‍යම පරිසර අධිකාරිය හා තැපැල් දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක බැවින් ඕනෑම අයෙකුට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඇත්නම් ළගම ඇති ප්‍රධාන තැපැල් කාර්යාලයට ගෙන ගොස් හාර දිය හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි. තැපැල් දෙපාර්තමේන්තු ප්‍රධාන තැපැල් කාර්යාලවලින් මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරිම ඉකුත් පස්වැනිදා ආරම්භ වූ අතර මේ මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. මේ වන විට එම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස සැලකෙන ඕනෑම දෙයක්
ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ හැරුණු විට අනෙක් සෑම් ප්‍රධාන තැපැල් කාර්යාලයකම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කරමින් පවතින බවත් විශාල වශයෙන් ඒවා ලැබෙමින් පවතින බව ද රණසිංහ මහතා පැවසිය. ස්ථාවර දුරකතන, ජංගම දුරකතන, ඛෙල් බැටරි, පරිගණක කොටස්, ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු කොටස් ඇතුළු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මේ අතර වන බව ද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් කොපමණ ප්‍රමාණයක් මේ වන විට එක් වී ඇත්දැයි මැන බැලීමක් සිදු නොකළ බව ද රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
-විනීතා එම්.ගමගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval