පී.සී.ආර්.පරීක්ෂණයක් සදහා කල්පිටිය දිසා රෝහලට පැමිණ සිටි පුද්ගලයෙකු අද (24) දහවල් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.
කල්පිටිය සහ කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි ධීවරයින් බහුතරයක් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය සමග හා සෘජු සම්බන්ධතා පවත්වන බැවින් එම ප්‍රදේශවල පදිංචිකරුවන්ව අද දවස පුරා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත. එසේ පී.සී.ආර්.පරීක්ෂණයක් සදහා ගෙනවිත් සිටියදී එක්වරම බිම ඇද වැටී මෙම පුද්ගලයා මිය ගොස් තිබෙන අතර මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Comments
Post a Comment
Your comment will be visible after approval